මෙට්‍රික් ටොන් ගණන් පොහොර ගබඩා වල හංගලා..හදිසි නිරීක්ෂණයක දී හෙළි වේ

kelaniya fertilizer paliyagoda mahindha nandha Shashendra rajapaksha'
By Sewvandhi Jul 14, 2021 11:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අද පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වල නිරීක්ෂණයකට එක්වුණා.

රට තුල පොහොර හිගයක් පැවතිය ද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප්‍රමාණයන් නිකුත් කිරීමකින් තොරව අඩු වශයෙන් පොහොර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්ණ කර තිබෙනවා. පොරොන්දු වූ දින වකවානුවලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම් මගින් ඒවා බෙදාහැරීම සඳහා පියවර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පොහොර සමාගම්වලට ප්‍රකාශකර ඇත්තේ.

ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පොහොර මෙට්‍රික් ටොන් 600ක් නිකුත් කිරීමට හැකියාව තිබියදී 300ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රශ්නකර තිබෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවලදී පොරොන්දු වූ ආකාරයෙන් දින 3ක් ඇතුලත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙසට සමාගම් නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා දන්වා තිබෙනවා.

එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරීම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන ලෙසටයි පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සහ ගොවිජන සේවා නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha