රට පුරා පවතින පොහොර අර්බුධය (VIDEO)

organic chemical fertilizer Ambilipiyiya
By Sewvandhi Jun 24, 2021 09:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට එළවළු පොහාර ලබා ගැනීමට පැමිණි ගොවීන් හා නිලධාරින් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ගොවීන් චෝදනා කළේ ගොවිජන සේවා නිලධාරින් පිටස්තර පුද්ගලයින්ට පොහොර විකුණන බවයි.

ඇඹිලිපිටිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අද ගොවීන් විශාල පිරිසක් පොහොර ලබාගැනීම සදහා පැමිණ සිටියා. කෙසේ වෙතත් ගොවිජන සේවා නිලධාරින් පොහොර බෙදාදීම සම්බන්ධයෙන් මෙලෙස දැනුම්දීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඇති වු නොසන්සුන්තාව පිළිබදව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා මෙලෙස අදහස් පළ කළා.

ඩබ්ලිව්.එච්.එච්.වන්නිආරච්චි - ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී මේ අතර, වත්මන් පොහොර අර්බුදය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha