සියලුම ගොවීන්ට සුබ ආරංචියක්
මෙවර මහ කන්නයට අදාළ පොහොර සහනාධාර වශයෙන් මේ වනවිට ගොවීන් 470,000 කට රුපියල් මිලියන 4,822 ක මුදලක් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව එම අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ සඳහන් කළේ ඉදිරියේදී සියලුම ගොවීන් සදහා අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවයි.
මේ බව ඊයේ (20) දින කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත.
එසේම ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ 2026 මහකන්නය ආරම්භ කර වී වැපිරීම් සිදුකර දින 15 ක් ගතවුවත් මේ වන තෙක් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය තමන්ට නොලැබුණු බවයි.