වාහන දෙකක් මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක් - පුද්ගලයෙකු මරුට
By Mithu
ආණමඩුව පොලිසිය ප්‍රකාශ කරන පරිදි ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයේ අද (05) මාරක අනතුරක් සිදුවී, ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටි, තරුණ දෙදරු පියකු අවාසනාවන්ත ලෙස එම ස්ථානයේම මරණයට පත් විය.
මෙම අනතුරෙන් මියගිය තැනැත්තා වයස 32 වන එල්.පි. දිනුෂාන් ලියනගේ වන අතර, ඔහු යතුරුපැදි අලුත් වැඩිය කිරීමේ කාර්මිකයකු ලෙස කටයුතු කරමින් සිටියේය.
ආණමඩුව පොලිසිය සඳහන් කළේ, මියගිය තැනැත්තා පෙරියකුලම සිය නිවසේ සිට සේවා ස්ථානයට පැමිණේමින් සිටියදී, පුත්තලම බලා යමින් තිබූ කුකුලන් රැගෙන යන ලොරි රථයක ගැටී මෙම අනතුරට ලක්වී ඇති බවයි.
බරපතල තුවාල ලබා සිටි ඔහු ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කරන විටම මරණයට පත්ව ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණය වේ.
ඒ අනුව අදාල අනතුර සම්බන්ධයෙන් 41 හැවිරිදි ලොරි රථ රියදුරා ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.