මේ රජයෙන් දැඩි තීරණයක් - ආයේ මේවා සම්පූර්ණයෙන්ම තහනම්
මැලේසියා රජය මඟින් විද්‍යුත් අපද්‍රව්‍ය (e-waste) ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ මැලේසියාව ලෝකයේ "කුණු දමන ස්ථානයක්" වීමට ඉඩ නොදෙන බවට එරට රජය ප්‍රතිඥා දෙමින් බව සඳහන්.
මෑත වසරවලදී මැලේසියානු බලධාරීන් විසින් විද්‍යුත් අපද්‍රව්‍ය යැයි සැක කෙරෙන බහාලුම් සිය ගණනක් වරායන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒවා නැවත අපනයනය කළ රටවල් වෙතම හරවා යවා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.
ඒ අනුව මැලේසියානු දූෂණ මර්ධන කොමිසම සඳහන් කළේ, පොදුවේ 'ඉ-වේස්ට්' (e-waste) වශයෙන් හඳුන්වන සියලුම විද්‍යුත් අපද්‍රව්‍ය වහාම ක්‍රියාත්මක වන ලෙස සම්පූර්ණයෙන්ම තහනම් ගණයට ඇතුළත් කරන බවයි.
එබැවින් මෙම නව තීරණයත් සමඟ, ඇතැම් විද්‍යුත් අපද්‍රව්‍ය ආනයනය කිරීමට නිදහස් කිරීම් ලබා දීමට මීට පෙර පරිසර දෙපාර්තමේන්තුවට තිබූ අභිමත බලය අහෝසි වී යන බව වාර්තා වේ.
කෙසේ වෙතත් රජය පොරොන්දු වී ඇත්තේ නීතිවිරෝධී ආනයනයන් වැළැක්වීමට දැඩි සහ ඒකාබද්ධ බලාත්මක කිරීමේ පියවර ගන්නා බවටයි.
එමෙන්ම මීට පෙර මැලේසියාව විශාල ලෙස ආනයනය කරන ලද විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිසා දැඩි අපහසුතාවයට පත් වූ බවත් සඳහන්.
මෙම අපද්‍රව්‍යවලින් බොහොමයක් නීති විරෝධී මෙන්ම මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට දැඩි ලෙස අන්තරායකර බවට සැක කෙරේ.