මෙරට ප්‍රථම කාන්තා විගණකාධිපති රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි
නව විගණාකාධිපති වශයෙන් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (5) දින පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දී ඇත.
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ 42 වැනි විගණකාධිපති වශයෙන් පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාවද විය.
මේ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.