උතුරේ අලුත් ගුවන් පියවර – 2025දී ඉතිහාසය අලුත් කරයි

Report

කොළඹ පෙබරවාරි 5 (ඩේලි මිරර්) – 2019 වසරේ විවෘත වූ දා සිට 2025 වසර යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට (JIA) මෙතෙක් හොඳම කාර්යසාධනයක් දක්වූ වසරක් ලෙස සටහන් වී ඇත.

එම වසර තුළ ජාත්‍යන්තර මගී සංචාර 53,443ක් සහ ජාත්‍යන්තර ගුවන් යානා ගමන් 1,138ක් වාර්තා වී තිබේ. 2025 වසර තුළ ගුවන්තොටුපොළට වැදගත් ඓතිහාසික සන්ධිස්ථාන කිහිපයක් ද හිමිව ඇත.

මැලේසියාවෙන් සහ ඉන්දියාවේ හයිද්‍රාබාද් හා චෙන්නයි නගරවලින් පැමිණි ජාත්‍යන්තර චාර්ටර් ගුවන් ගමන් තුනක් පිළිගැනීමත්, හයිද්‍රාබාද් සිට සිදු කළ පළමු ජාත්‍යන්තර වෛද්‍ය හදිසි ගුවන් ගමන (MEDEVAC) මෙහිදී විශේෂත්වයක් වේ.

මත්තල ගුවන්තොටුපොළෙන් සුබ ආරංචියක්

මත්තල ගුවන්තොටුපොළෙන් සුබ ආරංචියක්

තවද ටර්මිනල් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් භූමිපූජා උත්සවයක් ද පැවැත්විය.

මීට අමතරව, චක්‍රවාත දිට්වා හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැපයීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව ඇතුළු ජාත්‍යන්තර හා දේශීය හවුල්කරුවන් විසින් මෙහෙයවූ මානවීය සහන ගුවන් ගමන් ද මෙහිදී ක්‍රියාත්මක කර තිබේ .

   තවද උතුරු ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීම, ආර්ථික වර්ධනයට සහාය වීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් කැපවී සිටින බව සඳහන් කර ඇත.

මෙම සාර්ථක සන්ධිස්ථානයට දායක වූ ගුවන් සේවා හවුල්කරුවන්ට, පාර්ශවකරුවන්ට, සංචාරකයන්ට සහ ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර තිබෙන බව වාර්තා වේ .

'' සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බයයි '' තිස්ස සහල් මිල ගැන කට අරියි

'' සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බයයි '' තිස්ස සහල් මිල ගැන කට අරියි