පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළට
By Mithu
යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී මාසයකට අධික කාලයක් ගතවී ඇතත්, පොහොර බෙදාහැරීමේදී පවතින ගැටලු සහ ප්‍රවාහන ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් අම්පාර, පොළොන්නරුව සහ අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
විශේෂයෙන්ම කොළඹ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර ප්‍රවාහනය කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 300ක් දක්වා හය ගුණයකින් ඉහළ දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
පොහොර මිටියක් සඳහා රුපියල් 9,550ක මුදලක් ගොවීන්ගෙන් අය කරගත්තද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පොහොර ප්‍රමාණය නිසි පරිදි ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරයි.