අද රාත්‍රී 11 දක්වා ප්‍රබල අකුණු අවවාදාත්මක නිවේදනයක් - මේ පැති ප්‍රවේශමෙන්
By Ashfa
ප්‍රදේශ රැසකට අද (03) ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව උතුරු - මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල සහ බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.