ඉන්ධන මිල ඉහළ යාම තවත් ප්‍රශ්න ගොඩකට මුල පුරයි - පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යන ලකුණු

Report

 ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සදහන් කර තිබේ .

මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බව එහි ලේකම් මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කරයි .

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවද දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ බවත් එතුමා පැහැදිළි කර තිබේ .

සුළු මොහොතකට පෙර IOCයත් ඉන්ධන මිල ඉහළ දමයි

සුළු මොහොතකට පෙර IOCයත් ඉන්ධන මිල ඉහළ දමයි

මේ සම්බන්ධව තවදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

''ඊයේ මධ්‍යම රාත්‍රියේ දී රු 10කින් ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා.. මෙච්ර දවස් දෙමාපියන්ට බරක් නොවී තමා මේක කරගෙන ගියේ හැබැයි දැන් නම් වැඩි කරන්න සිද්ධ වෙනවා.. අපි ඒක සීයයට ගාණකින් කියන්නේ නැතිව දෙමාපියන්ට බරක් නොවී ඩීසල් වැඩි වෙන ප්‍රමාණයෙන් වැඩි කරගන්න කියලා තමා ඉල්ලා සිටින්නේ.. බොහොම අමාරුවෙන් තමා මේ රැකියාව කරගෙන යන්නේ.. කිහිප අවස්ථාවකම වැඩිවීම නිසා මේ අවස්ථාවේ දී යම් මුදලකින් වැඩි කිරීමක් කරන්න සිද්ධ වෙනවා''  

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ යෑම එයාර් ඉන්දියා ගුවන් සේවයටත් බලපායි බලපායි - අලුත්ම තීරණය මෙන්න