කීරි සම්බා වැඩි මිලට විකුණූ වෙළෙඳ ආයතනයක් කොටු
කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ (Bokundara Economic Centre) උපරිම සිල්ලර මිල සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 360 ක අධික මිලකට අලෙවි කළ වෙළෙඳ ආයතනයක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.
පිළියන්දල ප්‍රදේශය ඊයේ(02) දින කේන්ද්‍ර කරගනිමින් අපගේ නිලධාරීන් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කර තිබේ .
ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල අඛණ්ඩව දිවයින පුරා වැටලීම් සිදු කරනු ලබයි .
මේ වනවිට එවැනි වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් තිබේ.