ආනයනික වාහන මිල ඉහළට?
ඉදිරියේ දී මෙරටට ආනයනය කරනු ලබන වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩොලරය ප්‍රමුඛ විදේශ විනිමය අනුපාත ඉහළ යාම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ (SSCL) බලපෑම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වන බවයි.
විශේෂයෙන්ම ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ගණන් රුපියල් ලක්ෂ 1.5 සිට ලක්ෂ 3 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ඔහු මෙහිදී අනාවරණය කළේය.