ඉන්ධන මිල ඉහල යෑමෙන් බස් ගාස්තු ඉහළ යයිද? මෙන්න නිවේදනය

Report

ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ (02) තීරණය කළේය.

සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවයි.

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි - ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ

එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සිදුකළ මිල සංශෝධනයට සමගාමීව තමන් ද මිල ගණන් සංශෝධනය කරන බව ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් අද සඳහන් කර ඇත.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. 

වෙසක් පෝය මැයි 30 සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙසක් පෝය මැයි 30 සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්