රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය පිළිබද ආණ්ඩුට ඉල්ලීමක් ..

Report

 රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය මෙතෙක් නොලැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පොළොන්නරුව - මැදිරිගිරිය ගොවි ජනතාව පවසනවා.

එමෙන්ම ඇතැම් ගොවීන් වී වගාවේ මුලික බිම් සැකසීම වැපිරීම පවා අවසන් කර ඇති බැවින් කඩිනමින් පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

2024, 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 01 වැනිදා සිට හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබාදුන්නා.

ඒ අනුව එහි පළමු පියවර ලෙස ඔක්තෝබර් 14 වනදා සිට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට ලබාදීමටයි රජය තීරණය කරනු ලැබුවේ.

සංසරණය වන වීඩියෝව ගැන අනූ සහ කනූ කියපු දේ ...

සංසරණය වන වීඩියෝව ගැන අනූ සහ කනූ කියපු දේ ...

ඉන් අනතුරුව එහි දෙවන පියවර ලෙස මහියංගනය සහ මහවැලි කලාපවල ගොවිජනතාවට ලබාදෙන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් පසුගියදා ප්‍රකාශ කළේ.