සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

Report

නීතිවිරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බැවින් රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව වාර්තා විය.

හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ඝාතනය වේ..

හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී ඝාතනය වේ..

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම වාහනය සම්බන්ධයෙන් සෙට්ටිකුලම අධිකරණයේ නඩුවක් විභාග වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර දිනයේ කරුණු දක්වා ඇතත් එම නඩුව මේ වනවිටත් අවසන් වී ඇති බවයි.

මෙහෙම වුනේ කොහොමද .. ඡන්දෙන් පැරදුණු දෙන්නෙක් NPP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ..

මෙහෙම වුනේ කොහොමද .. ඡන්දෙන් පැරදුණු දෙන්නෙක් NPP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ..

ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය සුජීව සේනසිංහ මහතාට නිදහස් කරන ලෙසද එහිදී ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කර තිබුණි.

කරුණු සලකාබැලීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ලබන 25 වනදා සිද්ධිය සම්බන්ධ නඩුකරය නැවත කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.