මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගොවීන්ට සහන සැලසීමේ අරමුණින් ගොවි විශ්‍රාම වැටුප් ලබාගත හැකි කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, ගොවි විශ්‍රාම වැටුප්ලා භීන්ට දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි දී අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල හරහා තම විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවස්ථාව හිමිව ඇත.
සාමාන්‍යයෙන් මෙම ගෙවීම් සෑම මසකම 9 සිට 15 දක්වා සිදුකෙරේ. සුළි කුණාටුව හේතුවෙන් ගමන් මාර්ග විනාශ වී ඇති අතර, එම නිසා තැපැල් කාර්යාල වෙත ළඟාවීමට ගොවීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සලකා බලා මෙම විශේෂ තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්රතිලාභ ලබන ගොවීන් 178,753 දෙනෙකු වන අතර, ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් 6,312 දෙනෙකු සිටිති. එමෙන්ම දෙසැම්බර් මාසයේදී විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා රුපියල් මිලියන 413ක මුදලක් වෙන් කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.