අත් වැරදීමකින් ගිය නිරුවත් පින්තූර පෙන්නා කප්පම් ගත් ගොවියෙකුට සිදු වූ දේ.
වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප පෙන්වා කප්පම් ගත් ගොවියෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කළ පුවතක් වාර්තා වෙනවා.
තමාගේ සහ තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශන කිහිපයක් වැරදීමකින් සැකකරුගේ ජංගම දුරකතන අංකයට ගොස් තිබූ බවත්, එහිදී එම තැනැත්තා දිගින් දිගටම ඒවා අන්තර්ජාලයට යොමු කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවත් පවසමින් තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් සිදු කර තිබෙනවා.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ තරුණයෙක් වන අතර අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු ,පෙම් යුවළගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට යොමුකරන බවට තර්ජනය කරමින් රුපියල් හයසිය පනහක රීලෝඩ් එකක් ද ලබාගෙන ඇති බව සඳහන්.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සැකකරු ගොවියෙකු වන අතර ගොටුවෙල, ඇල්ල පදිංචි නිශ්ශංක රුවන් ජයවීර නමැති ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) නියෝග කළා.
