පවුල පිටින් ආපු ත්‍රිරෝද රථයක බස් රථයේ ගැටී බිහිසුණු අනතුරක් - එක් අයෙක් මරුට 4කට බරපතළයි
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද දින (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
එසේම අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහල වෙත සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය වාර්තා කරයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මාර්තුවෙල එරමුල්ල මන්දාරම්නුවර වත්කුඹුරේ ගෙදර කල්‍යාණි ජයසුන්දර නැමති 45 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.
ඥාතීන් පිරිස එරමුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දළදා මාළිගාවේ අද අලුයම පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කර පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රිකිල්ලගස්කඩ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට එම මාර්ගයේ කටුගස්තොට හුළංවංගුව ප්‍රදේශයේදි මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු ව තිබුණා.
අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන හඟුරන්කෙත පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරන්නේ ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවටයි. මේ අතර පෞද්ගලික බස් රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.