නුගේගොඩ උණුසුම් වෙයි - තියන්නත් කළින්ම ජන රැළියේ ස්පීකර් පොලීසිය ගලවයි
විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව ඇත.
එහෙත් මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර ඉවත් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අද දිනයේ විභාගයට පෙනී සිටින සිසුනට එය බාධා වන්නේ යයි පවසමින්.
මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන වශයෙන් පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
ඊට අමතරව අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් පිළිබඳව ද පොලිසිය විසින් දැනුවත් කර තිබෙනවා.