''ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා'' හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි
නුගේගොඩ රැළියට ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ. අද පැවත්වීමට නියමිත රැළිය පිළිබද මාධ්‍යවේදීන් එතුමන්ගෙන් කළ විමසීමකදී එතුමා මේ බව සදහන් කර තිබේ. තවදුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්.
''ආණ්ඩුව අපට මඩ ගැහුව අවලාද කලා ඒ එකකින්වත් මේ රටේ ජනතාව අපවෙත රොද බදින එක වළක්වන්න බැරි වුණා. ආණ්ඩුවේ එකම ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ වැස්ස වළාහක දෙවියන්ගේ පිහිට පැතීම පමණයි . අදුරු වළාවන් අහසින් මතුවේවිදෝ කියලා ආණ්ඩුවේ මැති ඇමැතිවරු බලාන ඉන්නවා . වසරක් අතුළත් ජනතාවට ආණ්ඩුවේ බොරුව තේරීම ගැන ලොකු සතුටක් තියනවා. ,,