බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා
වියානා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාඥයින් පිරිසක් WhatsApp හි සම්බන්ධතා සොයාගැනීමේ විශේෂාංගය අනිසි ලෙස භාවිතා කරමින් බිලියන 3.5 ක WhatsApp ගිණුම්වලට සම්බන්ධ සියලුම සම්බන්ධතා අංක සහ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි පැතිකඩ පින්තූර Profile pictures වලින් අවම වශයෙන් සියයට 57 ක් ලබා ගැනීමට සමත් වී ඇත.
ක්‍රියාකාරී පරිශීලකයින් අතර, මිලියන 750 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණි අතර, ඉන්දියානු පරිශීලකයින්ගෙන් සියයට 62 කට දෘශ්‍යමාන පැතිකඩ පින්තූරයක් තිබුණි.
ඒ WhatsApp හි 'contact discovery' ක්‍රමවේදයේ තිබූ දෝෂයක් ප්‍රයෝජනයට ගනිමින් මෙම සොයාගැනීම් සිදුකල අතර පසුගිය අඟහරුවාදා(18) ප්‍රකාශයට පත් කරන ලද නව පර්යේෂණ පත්‍රිකාවක අන්තර්ගත වුණා.
මෙම දත්ත නිස්සාරණය මගින් පරිශීලකයින්ට ප්‍රධාන පෞද්ගලිකත්ව අවදානම් රැසක් මතු කර ඇති බවයි.
විදෙස් වාර්තාවල පවසයි. ඔවුන් WhatsApp හි සම්බන්ධතා සොයාගැනීමේ ඇල්ගොරිතමය මගින් මෙය සිදු කර ඇත.