අයි ඩී එකට 40ක් , ලයිසන් එකට අට දාහයි - ව්‍යාජ ලේඛණ සැකසීමේ ජාවාරම (VIDEO)
srilankanews
fakeid
fakepassport
By Gagana
වසර 15 කට අධික කාලයක් තිස්සේ ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර ඇතුළු විවිධ ලේඛණ ව්‍යාජ ලෙස සකසන ජාවාරමක් හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින පුද්ගලයන්ට ව්‍යාජ උප්පැන්න සහතික, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර ආදීය සකස් කරදෙන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව පසුගියදා පෞද්ගලික ඔත්තුකරුවෙකු හරහා හෝඩුවාවක් ලැබෙනවා.
එහි සුල මුල සෙවීම ආරම්භ කෙරුනේ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්, මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා හිරු සී.අයි.ඒ.කණ්ඩායම එක්වයි.
ජාතික හැදුනුම්පත අස්ථානගත වී ඇති බවත්, උප්පැන්න සහතිකයක් ද නොමැති බව පවසා යළි හැදුනුම්පතක් ලබාගැනීමේ අවශ්‍යතාව සඳහන් කළ විට ජාවාරම්කරුවෙකු මෙලෙස පැමිණියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |