ගෙදර නිධානයක් මතුකළා කියලා කෝටි 50ක් වංචා කරලා - හොර කපුවෙක් ඇතුළු 6ක් ගහපු ප්ලෑන මාට්ටු

Report

රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා නිධානයන් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වංචා කළ බව කියන කපුවෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් සූරියවැව, අලිඔළුආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබුවේ අද (11) දින අලුයම 3ට පමණයි.

ඒ අනුව එම වැටලීමේදී නාරංවල, ඇඹිලිපිටිය, සෙවනගල, කලවිටිගම, කළුතර සහ සූරියවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 51ත් අතර පසුවන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

වැටලීම සිදුකරන විටදී නිදන් හෑරීමට යොදාගත් පූජා භාණ්ඩ සහ වංචාව වෙනුවෙන් භාවිත කළ ව්‍යාජ ‘ගල් පෙට්ටියක්’ ද පොලිස් භාරයට ගෙන ඇත.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

එමෙන්ම සැකකරුවන් සූරියවැව ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි නිධානයක් ඇති බව කියා නිවෙස් හිමියා රවටා තිබෙන අතර, අනතුරුව අඩි 5ක් පමණ වලක් හාරා ඇත. ඉන්පසු නිධානය පිළිබඳ තොරතුරු ‘අඳුනෙන්’ බැලිය යුතු බව පවසා ව්‍යාජ ඇදුරා සහ නිවෙස් හිමියා කාමරයකට ගොස් තිබ‍ු බව අනාවරණය විය.

එහිදී සෙසු ජාවාරම්කරුවන් දෙදෙනෙකු රහසේවල තුළට ගොස් ව්‍යාජ මැණික් ඇතුළත් ගල් පෙට්ටියක් එහි සඟවා ඇති බව වාර්තා වේ.

අනතුරුව නිවෙස් හිමියා ලවාම එම ගල් පෙට්ටිය ගොඩට ගෙන එහි මැණික් ගල් ඇති බව පෙන්වා ඔහුට විශ්වාසය ඇති කර ඇති අතර, එම මැණික්වල වස්දොස් ඇරිය යුතු බවට පවසා කිරි කළයක දමා සුදු රෙද්දකින් ඔතා තැබීමට උපදෙස් දී ඇත.

අනතුරුව මෙම මැණික් අධික මිලකට විකිණිය හැකි බව පවසා මොවුන් නිවෙස් හිමියාගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

අඳාළ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙසේ රවටමින් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි.

අද ලංකාවම හොයපු අමරකීර්ති ඝාතන නඩුවේ සියලු විස්තර - 12 දෙනෙක් පෝරකයට යැව්ව සාක්ෂි මෙන්න

අද ලංකාවම හොයපු අමරකීර්ති ඝාතන නඩුවේ සියලු විස්තර - 12 දෙනෙක් පෝරකයට යැව්ව සාක්ෂි මෙන්න

ඒ බව පොලිස් විශේෂ කාර්ය බලකාය වාර්තා කළා.

එමෙන්ම වංචාවට හසු වූවන් මුදල් දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ‘වස්දොස් ඇති වන බව’ පවසමින් ඔවුන්ට තර්ජනය කර මුදල් ලබා ගැනීමට ද මොවුන් ක්‍රියා කර ඇත.

එමෙන්ම විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට භාර දී ඇත. එමෙන්ම සැකකරුවන් හෙට (12) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

කොළඹ ජනප්‍රිය පාසලක ගුරු සිසු වීඩියෝවට ගුරුවරුන් කණ්ඩායමක් පොලිසියට

කොළඹ ජනප්‍රිය පාසලක ගුරු සිසු වීඩියෝවට ගුරුවරුන් කණ්ඩායමක් පොලිසියට