අනුර ගැන ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ

JVP fake news anura kumara
By Sewvandhi Oct 19, 2021 02:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා රුපියල් කෝටි 05 ක වියදමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවට වෙබ් අඩවියක පළවී ඇති පුවත සම්පූර්ණ අසත්‍ය බව එම පක්ෂය අවධාරණය කරනවා.

අදාළ ව්‍යාජ පුවත හා ඊට භාවිත කර ඇති කුඨ ලේඛනය පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පක්ෂයේ නායකයන්ගේ අත්සන් ව්‍යාජව සකස් කර මෙම ලිපිය සදහා භාවිත කර ඇති බවත්, ව්‍යාජ රබර් මුද්‍රාද ඒ සදහා භාවිත කර ඇති බවත් විජිත හේරත් මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙන අවස්ථාවක එය වෙනතක හැරවීමට ආණ්ඩුව ගත් අසාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙසයි ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්‍රියාව ගැන සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now