වසර 12 ක කාලයක් ව්‍යාජ සහතික සමගින් රාජ්‍ය ආයතනයක ඉහළම තනතුරක් දැරූ පුද්ගලයෙකු හසුවෙයි..!
By Sewvandhi
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ, ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ පුද්ගලයෙකු වසර 12 ක කාලයක් ඉහළ තනතුරක් දරා ඇති බව වාර්තා වෙයි
කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණේ, එම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති බවයි.
කෝප් කමිටුවේදී හෙළි වී ඇත්තේ, ඔහු අවස්ථා කිහිපයකදී වැඩ තහනමකට ලක්ව ඇති බවත් එම කාලය තුළදී ඔහුට වැටුප් සහ දීමනා ද ගෙවා ඇති බවත්ය.
වසර 10කට පසු පළමුවරට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වීම විශේෂත්වයකි