හමුදා බුද්ධි අංශ නිලධාරීන්ටත් අභියෝගයක් - හැදුනුම්පතකින් වැඩ පෙන්නපු අමුතුම පුද්ගලයෙක්..
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය, හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයෙක් ව මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (16) නියෝග කළාය.
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණේ,පෑලියගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විරාජ් මධුසංක නැමැත්තෙකුයි.
පෑලියගොඩ පොලිස්බල ප්‍රදේශය තුළ මාර්ග බාධකයකදී සැකකාර පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබේ එම සැකසහිත හැඳුනුම්පත අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
පොලීසිය අධිකරණය දැන්වූ කරුණුවලින් හෙළිවී ඇත්තේ, සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ වනවිට හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු විසින් ඔහුට එම හැඳුනුම්පත සකස් කරදී ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ එය භාවිත කරමින් සැකකාර පුද්ගලයා කිසියම් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකර තිබේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවය.
අදාළ හැඳුනුම්පත හමුදා අංශ වෙත යොමු කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ තහවුරු කිරීමට පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.
…………………………………………………………………………………………
You may like this video 👇