කොවිඩ් අවදානමෙන් තේ කර්මාන්ත ශාලාවක් වැසේ.
Covid 19
Factory
Nuwara eliya
ginigathhena
By Sithumi
ගිනිගත්හේන - පිටවල ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් අද (30) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 16 දෙනෙකු හමුවීමත් සමඟ එම තීරණය ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
එම තේ කර්මාන්ත ශාලාවේ සේවකයින් විශාල පිරිසක් සේවය කරන බවත්, ආසාදිතයින් හමුවු වහාම කර්මාන්ත ශාලාව වසා විෂබීජහරණයට උපදෙස් දුන් බවත් එම නිලධාරියා කියා සිටියේය.
තේ කර්මාන්ත ශාලාවේ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කළ බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |