ෆේස්බුක් , වට්ස් ඇප් බිදවැටුණු අතරේ ‘ට්විටර්’ වාර්තාවක් තබයි..වයිබර්,ඉමෝ වලටත් වෙච්ච දේ.

Twitter Facebook Instagram Whatsapp Viber
By Aruna Oct 05, 2021 02:37 AM GMT
Aruna

Aruna

Report

ගතවූ දිනයේ රාත්‍රියේ ෆේස්බුක් ,වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල හදිසියේ බිඳවැටුණ අතර එය පැය කිහිපයකින් යතා තත්ත්වය ට පත් විය.

කෙසේ වෙතත් එම තත්ත්වය හරහා ෆේස්බුක් සමාගමේ කොටස් අගය පහල වැටීමෙන් ඩොලර් බිලියන 5 කට අධික පාඩුවක් සිදුව ඇති බව ද වාර්තා විය.

මෙලෙස ලොවපුරා එම සමාජ මාධ්‍ය බිඳවැටීමත් සමග ට්විටර් සමාජ මාධ්‍ය වෙත ආ පරිශීලකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගියේය.

ඊයේ රාත්‍රියේ ට්විටර් සමාගම පලකළ ට්විටර් පණිවුඩයකට ලොව පුරා ප්‍රකට සමාගම් ප්‍රතිචාර දැක්වීමටයි කටයුතු කළේ.

ඒ අතර වට්ස් ඇප් සමාගමද විය. එය ඉතා රසවත් සංවාද බවට පත්වීමත් විශේෂත්වයකි .

මේ අතර මැක්ඩොනල්ඩ්ස් සමාගම ද ප්‍රතිචාර දක්වා තිබුණා.

ඇම්නෙස්ටි ඉන්ටනැශනල් ආයතනයද එම සංවාදයට එක්වූ අතර යහපත් හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් සිහිපත් කර තිබුණා.

ඒ අතර චෙන්නායි සුපර් කිංස් , වයිබර් , සූම් සමාගම් ද ඇමෙරිකාවේ ප්‍රමුඛ අවන්හල් ජාලයක් වන ස්ටාර් බක්ස් සමාගම ද විය.

මේ අනුව ලෝක ප්‍රකට සමාගම් එම සංවාදය ට එක්වූ ආකාරය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery