අයහපත් කාලගුණය - මරණ 100 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ

Report

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ දිස්ත්‍රික්කවල තවත් මරණ කිහිපයක් වාර්තා වී ඇත.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

රතු නිවේදනයක් - ජනතාව වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම

රතු නිවේදනයක් - ජනතාව වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 67 දෙනෙකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මහනුවර, හසලක, යහන්ගල ප්‍රදේශයේ නායයෑමකින් පසු මළ සිරුරු 5 ක් සොයා ගෙන ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇත.

තවද, කෑගල්ල, බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.  

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්