සජබ් මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වෙයි

Report

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහමිමදු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වන බව අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම තීරණය ඔහුගේ ස්වාධීන තීරණයක් බව ඔහු ප්‍රකාශ කළ අතර, එහිදී ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දුන්නේය.

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

මෙම ඉල්ලා අස්වීම අද දින සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර, එමඟින් දස වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබේ. මෙය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව දැනගන්නට ලැබේ. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කර තිබේ.

රතු නිවේදනයක් - ජනතාව වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම

රතු නිවේදනයක් - ජනතාව වහාම ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම

මුත්තු මුහමිමදු මහතා 2024 දෙසැම්බර් 17 වැනිදා දස වැනි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පළමු වරට පත්වූවෙකි. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් මෙම ධුරයට පත්වූවකි.

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්