ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචියට ලබාදී ඇති කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

Report

 සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ආපදාවෙන් හානිවූ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දෙසැම්බර් 16වනදා දක්වා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී තිබූ කාලය, ජනවාරි 16වනදා තෙක් දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙරට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට කර්මාන්ත ක්ෂ්ත්‍රයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කරයි.

ඒ වගේම ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලීම් කර තිබෙනුයේ ව්‍යාපාරික ආයතනවලට සහ රටේ ජනතාවට ස්ථීර වශයෙන් ප්‍රාග්ධන ආයෝජනයක් සහ ණය ලබා ගැනීමේ දී සහන පොලී අනුපාතයක් සමග මෙම ව්‍යාපාර ගොඩ නගා ගැනීමට අවශ්‍ය සහයෝග ලබා දෙන ලෙසයි.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

තව දුරටත් මේ සම්බන්ධව අදහස් දැක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ගේ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා සදහන් කළේ මෙවන් අදහසක්

''විනාශ වෙච්ච ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා.. හැබැයි ඒක දෙසැම්බර් 16න් අවසන් වෙනවා.. මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේක ජනවාරි 16 වනදා දක්වාවත් දීර්ඝ කරන්න කියලා මොකද තාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා දිසාපතිවරුන්ට තවමත් සංගණනයක් කරලා මේ සම්බන්ධව එකතු කිරීමක් කරගන්න බැරිවෙලා තියෙනවා.. මුදල් අමාත්‍යංශ ලේකම්වරයත් කියන්නේ තවම මේක දිස්ත්‍රික් ලේකම්ව‍රුන් හරහා ලැබෙමින් පවතිනවා කියලා.. මොකද රුපියල් ලක්ෂ දෙකයි දෙන්නේ.. මම හිතන්නේ නෑ ලක්ෂ දෙක ප්‍රමාණවත් වෙයි කියලා..''

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීම

හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීම