බැකෝ දාගෙන වඳුරව හාරපු හෑරිල්ලට මොකද වුණේ?. තිබිල ද මොනවා හරිම?. දැන් කියන දෙය මෙන්න..

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 07, 2024 04:21 PM GMT
krishani

krishani

Report

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේ සිදුකළ කැණීම නිධන් හෑරීමක් බවට අර්ථකථනය කිරීම වැරදි බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්ඩිස් මහතා සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කළ කැණීම්වලින් ඉහළ මූල්‍යමය වටිනාකමක් සහිත වස්තූන් කිසිවක් හමු වී නොමැති බවයි.

රටින් පිටට ඇද්ද ඩොලර් ගේන හැටි.. ජනපති අනුර ගේමට බහී?. හදිසියේම ජනපති හම්බ වෙන්න ආ කෙනා මෙන්න..

රටින් පිටට ඇද්ද ඩොලර් ගේන හැටි.. ජනපති අනුර ගේමට බහී?. හදිසියේම ජනපති හම්බ වෙන්න ආ කෙනා මෙන්න..

මෙම ස්ථානය දිගින් දිගටම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වූ ස්ථානයක් බවත් මේ හේතුවෙන් මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ අධිවේගී මාර්ගයට ලක්ෂ 26ක හානියක් සිදුවූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී නීතීඥ රෝහණ කාරියවසම් සඳහන් කළේ ය.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම ස්ථානයේ හෝ ඒ අවට කිසිඳු පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවට වාර්තාවක් ලබාදුන් බවත් ඔහු කියා සිටියේ ය.

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

රු.ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දෙන්න යයි.. ලැබෙන පිරිස මෙන්න.. 10වෙනිදාට කලින් මේ ගැන දැනුම් දෙන්න..

අනතුරුව පොලිසියෙක් කළ ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බලකායෙන් එම ස්ථානය ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ බවත් යම් වර්ණ මිශ්‍රිත ලෝහයක් එම ස්ථානයේ ඇති බවට හඳුනාගෙන තිබූ බවත් රෝහන කාරියවසම් සඳහන් කළේ ය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම ස්ථානයේ විවෘත කැණීමක් සිදුකරන ලෙස නිලධාරීන්ට නියෝග කළ බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, එය නිධන් හෑරීමේ අදහසින් දුන් නියෝගයක් නොවන බවත් නමුත් මුළු රටේම ණය ගෙවන්න පුළුවන් නිධානයක් හමුවී ඇති බවට ප්‍රචාරය වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

You May Like This Video👇 

.

ReeCha