විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පණිවුඩයක්..

Report

2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද(27) සිට ජූලි මස 6 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිට යොමු කර අවසන් බවයි විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ.

යම් අපේක්ෂකයෙකුට මේ වනතුරුත් ප්‍රවේශ පත්‍රයක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍රය බාගත කර ගැනීමේ හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.