හිටපු පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රභාණු අධිකාරම් රක්ෂිත බන්ධනාගාරයට
අපරික්ෂාකාරී ලෙස රිය පදවා යතුරුපැදිකරුවකුගේ ගැටීමෙන් බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රී චන්ද්‍රභාණු අධිකාරම් මහතා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ (11) සවස ඉත්තෑපාන, අවිත්තාව මාර්ගයේදී හිටපු මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය අපරීක්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමේදී ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඉත්තෑපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉත්තෑපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා, තමාට අසනීප තත්ත්වයක් පවතින බව පවසමින් ඉත්තෑපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී පසුව කළුතර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න
මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සැකකාර හිටපු මන්ත්‍රීවරයාව රෝහලට ගොස් පරීක්ෂා කළ කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.