දිස්ත්රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් - ජනතාවට විමසිලිමත් වන ලෙස විශේෂ දැනුම්දීමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 7ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් යාවත්කාලීන කර තිබේ.
අද (12) පස්වරු 4.00 සිට හෙට (13) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම ආයතනය සඳහන් කරයි.
ඒ අනුව, කෑගල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම - අවධානයෙන් සිටින්න
කෑගල්ල දිස්ත්රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල
බුලත්කොහුපිටිය
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම – විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්රික්කය
ඇල්ල
පස්සර
කොළඹ දිස්ත්රික්කය
පාදුක්ක
මහනුවර දිස්ත්රික්කය
හතරලියද්ද
තුම්පනේ
කෑගල්ල දිස්ත්රික්කය
දෙහිඕවිට
කෑගල්ල
රඹුක්කන
යටියන්තොට
අරණායක
වරකාපොළ
මාතලේ දිස්ත්රික්කය
අඹන්ගඟ
කෝරලේ
රත්තොට
මාතලේ
නුවරඑළිය දිස්ත්රික්කය
හඟුරන්කෙත
රත්නපුරදිස්ත්රික්කය
කුරුවිට
අයගම
ඇහැලියගොඩ
වැලිගෙපොල
රත්නපුර
කලවාන
ඉඹුල්පේ
නිවිතිගල
නායයෑමේ අවදානමක් සහිත ප්රදේශවල ජීවත් වන ජනතාවට පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දීම වැදගත් වේ.