ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ලෝක බැංකුවෙන් අනතුරු අඟවන්නේ, ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා වහාම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම අනිවාර්ය බවයි.

එසේම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.5ක මට්ටමක FDI තිබිය යුතු වුවත්, දැනට ළඟා කරගෙන ඇත්තේ සියයට 0.5ක් තරම් ඉතා සුළු අගයක් බවත් ලෝක බැංකුවෙන් අවධාරණය කරයි.

රටේ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙම අගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද ඔවුන්ගේ අදහසයි.

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

ජල ගාස්තුව 1500%ක් වැඩිපුර

එසේම මීට පෙර පවා FDI ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණ වුවද, එය තවදුරටත් පිරිහීමකට ලක්ව ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ දක්වයි.

එමෙන්ම වියට්නාමය සහ මැලේසියාව වැනි සම කලාපීය රටවල් GDP යෙන් සියයට 3ක් වැනි ඉහළ FDI අගයන් වාර්තා කරන බවද ඔවුහු පවසයි.

කෙසේ වෙතත් අද දින මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව භාර රිචඩ් වෝකර් මහතා විසින් 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ලඟා වීමට නම් ශ්‍රී ලංකාවට විශාල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට සිදුවන බව සඳහන් කළා.

එසේම ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කළ පරිදි, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී ඇති ප්‍රධානතම බාධාව නම් ඉඩම්වලට ප්‍රවේශවීමේ දුෂ්කරතාවයයි.

එනම් මෙරට ඉඩම්වලින් 80%ක්ම රජය සතු වීම සහ ඒවා නිලධාරිවාදය සහ අමාත්‍යාංශ පාලනය යටතේ පැවතීම හේතුවෙන් විදේශීය ආයෝජකයෝ අධෛර්යමත් වන බව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයේ ආයෝජන සඳහා විශේෂයෙන්ම අහිතකර ලෙස බලපා ඇති බව ද සඳහන්.

එමෙන්ම දශක හයකටත් වඩා පැරණි කම්කරු නීති නිසා ව්‍යාපාරික කටයුතුවල නම්‍යශීලීභාවය සීමා වීම තවත් ගැටලුවක් වේ.

මෙම නීති මගින් සමහර ක්ෂේත්‍රවල කාන්තාවන්ට වන රැකියා අවස්ථා සීමා කිරීමද ආර්ථික වර්ධනයට බාධාවක් බව වෝකර් මහතා දක්වයි.

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා

වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා

ඒ අනුව වෝකර් මහතා විසින් මෙම ව්‍යුහාත්මක ගැටලු නොවිසඳන්නේ නම්, විදේශ ආයෝජනවලට ගෝලීය වශයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවට දැඩිව අනතුරු අඟවයි.

එබැවින් ලෝක බැංකුව අවධාරණය කරන්නේ FDI ප්‍රවාහය වැඩි කිරීමට සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම්, ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශය තීරණාත්මක පියවරයන් බවයි.

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්

වාහන ලියාපදිංචිය ගැන අලුත් කතාවක්