නීතියෙන් එහා යන්න පොලිසියටත් බැහැ...

By Parami Dissanayake Jul 02, 2024 02:25 PM GMT
Report

අද (02 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අවධාරණය කළේ, තමන්ට අවශ්‍ය අයුරින් නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට කිසිදු හැකියාවක් නොමැති බව ය.

‘ඇතැම් සැකකාරයන්ට පොලිසියට එන්න කියනවා. ප්‍රකාශයක් ගන්නවා. ටිකක් බය කරනවා. ප්‍රකාශය අරන් යන්න කියනවා. නැවත එන්න කියනවා. පොලිසිය මෙහෙම වැඩ කරන එක නතර කළ යුතුයි. මෙවැනි දේවල් නිසා අයථා පෙලඹවීම් වෙන්න පුළුවන්. විමර්ශන කටයුතු විනිවිද භාවයෙන් සිදු කළ යුතුයි. පොලිසියට තමන්ට ඕනෑ විදියට නීතිය නමන්න බැහැ. විමර්ශනයේදී සැකකරුවෙක් බව අනාවරණය වුවහොත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විවෘත අධිකරණයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කරමින් ප්‍රකාශ කළේය.

පරණ කොට් ජයට වික්ක කාපිරි මුදුක්කුව

පරණ කොට් ජයට වික්ක කාපිරි මුදුක්කුව

ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවරා තිබෙන නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය. අදාළ මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද නියම කළේය.