සියලුම ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රියේ විශේෂ වැස්සක්
මෙම වසරේ දැකගත හැකි සුවිශේෂීම ආකාශ සංසිද්ධියක් වන “ඊටා ඇක්වාරිට්ස්” (Eta Aquariids) උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේදී ශ්‍රී ලාංකිකයන්ට දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
නැගෙනහිර අහසේ ‘කුම්භ’ (Aquarius) තරු රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව හටගන්නා අතර, මෙය පියවි ඇසින් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
කථිකාචාර්යවරයා පෙන්වා දෙන්නේ හෙට (06) අලුයම 4:00 ත් 5:00 ත් අතර කාලය තුළ මෙම දර්ශනය වඩාත් විචිත්‍රවත් ලෙස දිස්වන බවයි.