මොහුව දන්නවනම් වහාම දැනුම්දෙන්න - හේතුව මෙන්න

Report

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර (ATM) දෙකක් කඩා මුදල් සොරා ගැනීමට තැත් කළ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා හැටන් පොලිසිය මහජන සහය ඉල්ලා සිටී.

ඊයේ (04) අලුයම මෙම බැංකු ශාඛාවට ඇතුළු වූ සැකකරු යන්ත්‍ර දෙක ගලවා මුදල් ගැනීමට උත්සාහ කර ඇති නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වීම නිසා පලා ගොස් ඇත.

ලංකාවට ආයෙත් IMF පිහිට පතන්න වෙයිද? යුද්ධය නිසා ආර්ථිකය අඩපණ වෙයි

ලංකාවට ආයෙත් IMF පිහිට පතන්න වෙයිද? යුද්ධය නිසා ආර්ථිකය අඩපණ වෙයි

බැංකු පාලන අධිකාරිය විසින් සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන සහ ඡායාරූප පොලිසිය වෙත ලබා දී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දෙන ලෙස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

ගොවීන්ට පොහොර ලබා දීමේදී නව වෙනසක්

ගොවීන්ට පොහොර ලබා දීමේදී නව වෙනසක්