ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය විදුලි සේවකයින්ට වන්දි ලැබෙන දිනය ගැන ඇමති අනුරගෙන් හෙළිදරව්වක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

එහිදී එතුමා සදහන් කළේ එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විජේ කච්චතිව් ඉල්ලුවහම දෙන්න බෑ කීවා කච්චතිව් විතරක් නෙමෙයි යාපනයම තමිල්නාඩුවට දෙන්න - අර්චුනා

විජේ කච්චතිව් ඉල්ලුවහම දෙන්න බෑ කීවා කච්චතිව් විතරක් නෙමෙයි යාපනයම තමිල්නාඩුවට දෙන්න - අර්චුනා

 එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන සතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි .

ඒ අනුව මෙම මාසයේ 15වනදා වනවිට පළවෙනි 50%ක වන්දි මුදල අදාළ පිරිසට ලබාදීමට කටයුතු කරන බවත්, ඉතිරි 50%ක මුදල කෙටි කාලයක් තුළ ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

එහිදී අදහස් දැක්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තවදුරටත් මේ පිළිබද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

''එකේ කොටසක් 50%ක් අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබා දෙන්න. ඒ සඳහා පත්‍රිකාව කැබිනට් අනුමැතිය ලබා ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ.. මම විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා.. ඒ අනුව මේ මාසේ 15වනදා වෙනකොට පළවෙනි 50% අදාළ විශ්‍රාම ගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා.. ඒ වගේම ඉතිරි 50% කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා''