EPF තියෙන අයට විශේෂ පණිවුඩයක්..කොන්දේසි ලිහිල් වෙයි.
සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභ ගැනීම සඳහා දැනට පවතින කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීමට කම්කරු අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව නිවාස අලුත්වැඩියාව සඳහා අනුමැතිය ලබාදීමේදී දෙමාපියන් නමට ඇති ඉඩම් ඔප්පුවකට ද අවසර ලබාදීම ඇතුළු කොන්දේසි ලිහිල් කිරීමට අවධානය යොමුකර ඇතැයි කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.
සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභය යටතේ වර්ෂයකට රුපියල් බිලියන 14ක් 15ක් සේවකයන් සඳහා ගෙවීම් සිදුකරනු ලබයි.
අරමුදල සතුව මේ වනවිට රුපියල් බිලියන 3500ක් පමණ පවතින අතර එහි සාමාජිකයන් සඳහා වාර්ෂිකව මේ වනවිට සියයට නමයයි දශම පහක (9.5%) පොලී ප්‍රතිශතයක් ගෙවනු ලබයි.
මෙහි ප්‍රතිලාභය ලබාගැනීම සඳහා සේවකයකු අඛණ්ඩව වසර 10ක කාලයක් සේවයේ යෙදී සිටීම ඇතුළු කොන්දේසි කිහිපයක් සපුරා තිබිය යුතුය.
සේවකයකු සඳහා උපරිම මුදල ලෙස රුපියල් ලක්‍ෂ 20ක ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදීම සිදුකරයි.
අරමුදලෙන් සියයට 30ක ප්‍රමාණය ලබාගෙන වසර 10ක් ගෙවී ගිය පසු නැවත සියයට 30ක ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව පවතී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |