රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සුභ ආරංචියක් - මෙන්න විස්තරේ
හෙට (11) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නංවමින් ස්ථාපනය කරන ලද අභිනව දෙපස සිව්වර්ණ මුද්‍රණ යන්ත්‍රයෙහි මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සහ නවීකරණය කරන ලද www.documents.gov.lk නිල වෙබ් අඩවිය නැවත දියත් කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්ය.