ලෝක කුසලානයේ පළමු ජය නවසීලන්තයට.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (05) ඉන්දියාවේදී ආරම්භ වුණා.
එහි සමාරම්භක තරඟය පැවැත්වුණේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.
සමාරම්භක තරඟයේම ජයග්‍රහණයේ සතුට සමරන්නට නවසීලන්තයට ඊයේ (05) හැකි වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 282ක් රැස් කළා.
නවසීලන්තයට තරඟය ජය ගැනීමට ලකුණු 283ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් එය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවා.
නවසීලන්තය වෙනුවෙන් ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් වාර්තා කළා.
නවසීලන්ත ක්‍රීඩක රචින් රවින්ද්‍ර ලෝක කුසලාන තරඟයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වුණා.
මේ අතර,එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් 11 දෙනාම ඉලක්කම් දෙකේ ලකුණු සීමාව පසු කළ ලොව ප්‍රථම අවස්ථාව සනිටුහන් කිරීමට එංගලන්තය ඊයේ එම තරඟයේදීම සමත් වුණා.
