කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මක කෙරේ

covid19 travel restriction guild lines provisional act dammika dasanayakee
By Sewvandhi Aug 26, 2021 09:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2019 කොවිඩ් වෛරස් රෝගය සඳහා වන (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කළා.

පසුගිය අගෝස්තු 17 වනදා එම පනත් කෙටුම්පත, ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වනවා.

තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද, කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇති.

මේ අනුව 2021 අංක 17 දරන 2019 කොවිඩ් වෛරස් රෝගය (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වනවා.

- - - - - - - - - - - - - - - - 

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha