අලි මිනිස් ගැටුම දරුණු අතට - රට වටෙන්ම ඇසෙන සංවේදී පුවත්..
පොලොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් වැලිකන්ද මල්විල ගම්මානයේ සිදුවූ වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ උදෑසන 6ට පමණ මෙම වන අලි පහරදීම සිදුව ඇති අතර මෙම වන අලි පහරදීමෙන් මිය ගොස් ඇත්තේ වැලිකන්ද මල්විල ගම්මානයේ පදිංචිව සිටි බී.වී.සෝමාවතී නම් වයස අවුරුදු 70ක් වන තිදරු මවකි.
ඊයේ උදෑසන 6ට පමණ කිසියම් කටයුත්තක් සදහා නිවසින් එලියට පැමිණි අවස්ථාවේ නිවස ආසන්නයේදීම මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.වන අලි පහරදීමෙන් එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්වැදුනු මෙම වන අලියා ඊයේ උදෑසන ගම්වාසීන් කිහිප දෙනෙකු පිටුපස පන්නා ඇති අතර ඔවුන් සිය ජීවිත බේරා ගෙන ඇත්තේ අනූ නවයෙනි.එම වන අලියා සිදු කල පහරදීමෙන් ගම්වාසී ජනතාවගේ දේපල හා වගාවන්ට හානි සිදුව ඇත.
සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්වදින වන අලි වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් බැහැර කරන කැලිකසල කෑමට පුරුදු වී සිටින බවත් එලෙස කුණු කසල කෑමට පැමිනෙන වන අලි තම ජීවිත ,දේපල හා වගාවන් විනාශ කිරීම මත වසර ගණනාවක සිට තමන් දුෂ්කරතාවට පත්ව ඇති බව එම ගම්වාසී ජනතාව වැඩිදුරටත් පවසා සිට්ති.
1986 වර්ෂයේ බිහිව ඇති මෙම ගම්මානය තුල මේ වන විට පවුල් 260කට අයත් අටසියයකට ආසන්න ජනතාවක් වෙසෙන අතර ඔවුන් කෘෂිකර්මාන්තයෙන් හා කුලී වැඩ වල නිරත වීම මගින් දිවි සරි කර ගනිති.
මේවනවිට ගම්මානයේ වටිනා ජීවිත කිහිපයක් වන අලි ප්‍රහාර හමුවේ අහිමි වී ගොස් ඇති බවට එම ගම්වාසී ජනතාව පවසා සිටිති.වන අලි ගම්වැදීම වැලැක්වීම සදහා තම ගම්මානය වටා ආරක්ෂිත විදුලි වැටක් නොමැති වීම මත වන අලි මෙලෙස ගම්වැදී විනාශයන් සිදු කරන බවට එම ගම්වාසී ජනතාව පවසා සිටිති.
එබැවින් ගම්වැදී ජීවිත දේපල හා වගා හානි කරන මෙම වන අලියා ගම්මානයෙන් අල්ලා ඉවත් කොට තම ජීවිත දේපල වගාවන් ආරක්ෂා කර දෙන ලෙසට එම ගම්වාසී ජනතාව බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අතර, වැල්ලවායේ අලි කාණුවක වැටී සිටි වනඅලියා මරුට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කුඩාඔය දෙමලිය ප්‍රදේශයේ අනාරක්ෂිත අලි කාණුවකට ඇද වැටී දින ගනනක් රෝගාතුරව සිටි වනඅලියා මියගොස් තිබෙනවා.
දින දහයක් පමන මෙම වනඅලියා අලි කාණුව තුල ජීවිතයත් මරනයත් අතර සටනක නිරත වූ අතර වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර කටයුතු කලද එය ඵලක් වී නොමැත.
මියගිය වනඅලියාගේ මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ඌව කුඩාඔය පොලිසිය සහ වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
