වනජීවි නිලධාරීන් සිටි කැබ් රථයට වනඅලි ප්‍රහාරයක්

elephant giradhuru kotte maithri gama swashakthi pura pasal pedesa
By Sewvandhi Jun 23, 2021 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල ආසන්නයෙන් වන අලි රංචුවක් ගම් වදින බවට ගිරාඳුරුකෝට්ටේ වනඅලි පාලන ඒකකයට තොරතුරක් ලැබී තිබේ.

ඒ පිළිබදව සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් පැමිණි කැබ්රථයට වනඅලි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ප්‍රහාරයෙන් කැබ් රථයට හානි සිදුව ඇති අතර, නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා සිය ජීවිත බේරාගෙන තිබේ. එම අවස්ථාවේ දී කැබ් රථය තුළ නිලධාරීන් පස්දෙනෙක් සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මෛත්‍රී ගම, ස්වශක්තිපුර, පාසල් පෙදෙස, වටරවුම් පාර, රොහල ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට වනඅලි තර්ජන එල්ල වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha