විදුලි ගාස්තු සමාලෝචනය මාස 3කට වරක්.
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Cabinet
Sri Lanka Electricity Prices
Kanchana Wijesekera
By Hashini
විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විදුලි ගාස්තු සමාලෝචන මීට පෙර සිදු කෙරුණේ මාස 06කට වරක්ය.
එයට අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙන්නේ එලෙස කටයුතු කිරීමෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බවයි.
එසේම ජනාධිපතිවරයා සහ අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කර ඇති කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමටත් හැකිවන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

