නොදන්වා විදුලිය කැපීම අරඹලා..ප්‍රදේශ ගණනාවක විදුලිය කැපීම්.?

YUGADHANAW ELECTRICITY KALANITHISSA NOROCHCHOLE
By Sewvandhi Nov 24, 2021 06:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් කිහිපයක් වාර්තාවී තිබේනවා . උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර විදුලි බල මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු මේ වනවිට කැළණීතිස්ස බලාගාරය වසා දමා ඇති අතර මේ නිසා මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් මතුවි ඇත කැලණිතිස්ස විදුලිබලාගාරය ක්‍රියාත්මක වූයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් වූ ‘නැප්තා’ ඉන්ධනයෙන් වන අතර දැන් එම සැපයුම අඩාලව ඇත.

තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් ජාතික පද්ධතියට එක් කළ මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල ප්‍රමාණයක් ද ජාතික පද්ධතියට අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි .

මේ සම්න්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු සුලක්ෂණ ජයවර්ධන පවසා තිබුනේ කැලණිතිස්ස විදුලිබලාගාරය මීට දින කිහිපයක සිට නතර කර ඇතත් අනෙක් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ජනවාරි මැද වන තෙක් ප්‍රමාණවත් බවකි.

ගල් අඟුරු මිලට ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීම නිසා නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලි උත්පාදනය ඉදිරියේ අර්බුදයකට යාහැකි බවද ලංවිම ඉංජිනේරු සංගමය දින දෙකකට පෙර දන්වා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha