මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

Report

සූර්ය විදුලිය අක්‍රිය කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් ඇති බව විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.

සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ, සූර්ය කර්මාන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් ව්‍යවසායකයින්ට රු. මිලියන 550කත්, රජයට රු. මිලියන 1100කත් පාඩුවක් සිදුව ඇති බවයි.

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

“මෙම ක්‍රියාවලිය නිසා ඒකක ලක්ෂ 790ක අඩු වියදම් විදුලිය පද්ධතියට අහිමි වී ඇත. ඒවා නවත්වා ඉන්ධන බලාගාර ධාවනය කිරීමෙන් රු. මිලියන 200ක පාඩුවක් ඇති වෙනවා. රුපියල් 10කට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක අතහැර, රුපියල් 50-100ත් වැයවන බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.

මුළු පාඩුව රු. මිලියන 2100කි. මහජන උපයෝගිතා කොමිසම පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජුනි සිට විදුලි බිල වැඩි කිරීමට සැලසුමක් ඇති බව පෙනෙනවා. රට අනුරට දුන්නා වගේ විදුලි බලය තිලක්ට දීලා!”

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කව්ද? - මෙන්න FBI වාර්තා

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කව්ද? - මෙන්න FBI වාර්තා