පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කව්ද? - මෙන්න FBI වාර්තා

Report

ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණයට ඉදිරිපත් කළ ඇමරිකානු රජයේ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින්, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස සහරාන් හාෂිම් නම් කර ඇත.

FBI විශේෂ නියෝජිත Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 දින ඉදිරිපත් කළ මෙම දිවුරුම් ප්‍රකාශය, පාස්කු ප්‍රහාරයෙන් පසු එෆ්බීඅයි ආයතනය සිදුකළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵල මත පදනම් වේ. ශ්‍රී ලංකා ගාඩියන් වාර්තාවට අනුව, මෙහිදී විද්‍යාත්මක විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ සාක්ෂි ඇතුළත් සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

හිටපු රාජ්‍ය ඇමතිව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

හිටපු රාජ්‍ය ඇමතිව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ආකාරයට, සහරාන් හාෂිම් ශ්‍රී ලංකාව තුළ ISIS-පිළිගත් ස්ථානික මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, ISIS නායකත්වයේ අනුමැතිය ලබාගෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම, සහ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛ භූමිකාවක් ඉටු කර ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාර 2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව, සහ මඩකලපුව යන නගරවල පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් හතරක් ඉලක්ක කරමින් සිදු විය. එහිදී 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙකු ද ඇතුළත් විය.

තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කරුණක් වන්නේ, ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් නෞෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් යන තිදෙනාගේ නම් සඳහන් කිරීමයි. ඔවුන්ට ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දීම සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම සම්බන්ධ චෝදනා එල්ල වී ඇත.

නෞෆාර් “දෙවැනි නායකයා” ලෙස සැලකෙන අතර, බඳවා ගැනීම්, ප්‍රචාරණය, සහ පුහුණු සැසි සංවිධානය කිරීමට දායක වී ඇති බව එෆ්බීඅයි පවසයි.

මෙම දිවුරුම් ප්‍රකාශයට අනුව, බෝම්බ නිපදවීමට යූරියා නයිට්‍රේට්, බැටරි, සහ සාමාන්‍ය ස්විච් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතා කර ඇති අතර, බෝම්බවල පීඩනය වැඩි කිරීමට යකඩ කැබලි එකතු කර තිබේ. මෙම උපකරණ භාවිතය ආරක්ෂිත නිවාසවලින් සහ වෙනත් ස්ථානවලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු වී ඇත. 

Easter Attack Report US District Court SLGuardian Copy by rishma